සබයේ ගී හා නර්තන දිනය
රබන් සුරල් වයවයා
ගයනෙමි ගීතය මෙදා
දෙවන බසින් සොඳුරු ලෙසින්
පිළිගන්නට සබයම
විරිදු ගීය ගයනට
දෙන්න ඉතින් අවසර//
ඉදිරි පෙළේ අසුනක
හිඳගෙන මෙය නරඹන
ආරාධිත ඔබසැම
පිළිගමි මම සතුටින
මෙතැන් පටන් සබයට
ගීත ගයමි හරසර //
ශිල්ප දෙමින් නිරතුරු
අප සැම දෙන එක්කෙරූ
ගුරු මව්පිය දෙදෙනද
ගීයෙන් පිළිගමි මම
සැම දස්කම් බල බලා
සතුටු වන්න සැම දෙනා //
මෙතැනින් ඇරඹෙන සබයේ
සිය දස්කම් බබළවන්න
සපැමිණි මගෙ සැම මිතුරන්
සෙනෙහෙන් පිළිගමි මම
මෙහි සිටිනා සැමටම
සුබ වේවා අද දින //
Nishadi Rathnayaka